රාජිත සේනාරත්න ඇප මත මුදා හරී

රාජිත සේනාරත්න ඇප මත මුදා හරී

by Staff writer 30-12-2019 | 11:32 AM

COLOMBO ( News 1st ) - රක්ෂිත බන්ධනාගාරගතව ⁣ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

නඩුව අද කැඳවනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේදී ය. සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව නඩුව ගොනු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.