මින්නේරියේ එ.ජා.ප සංවිධායක රිමාන්ඩ්

මින්නේරියේ එ.ජා.ප සංවිධායක චන්‍ද්‍රසිරි සූරියආරච්චි රිමාන්ඩ්

by Staff writer 30-12-2019 | 8:01 PM

COLOMBO (News 1st) - හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු හා එක්සත් ජාතික පක්ෂයේ මින්නේරිය ආසන සංවිධායක වන චන්‍ද්‍රසිරි සූරියආරච්චි මහතා ලබන 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ව්‍යාපාරිකයෙකුට පිස්තෝලයක් පෙන්වා මරණ බවට තර්ජනය කර වාහන 4 කට පහරදී අලාභ හානි කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත ඔහු අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණි. අදාළ පැමිණිල්ල ගොනු කර ඇත්තේ, පොළොන්නරුව, ඇතුමල්පිටිය ප‍්‍රදේශයේ සහල් මෝල් ව්‍යාපාරිකයෙකි.