බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුම

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 49 ක් අත්අඩංගුවට

by Staff writer 30-12-2019 | 7:40 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ පොලිස් වසම් 110 ක ක්‍රියාත්මක කළ විශේෂ අපරාධ මර්දන මෙහෙයුමකින් අපරාධ 44 කට සම්බන්ධ සැකකරුවන් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එහිදී වරෙන්තුකරුවන්, විවිධ නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය හා මත්පැන් වැරදි සඳහා සම්බන්ධ සැකකරුවන් 320 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය සඳහන් කළේ, මෙහෙයුමේදී හෙරොයින්, ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි මත්පැන් විශාල ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බවයි.