දැරියන් දෙදෙනෙකු බදුලුඔයේ ගිලී මරුට

බදුලුඔයේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු මරුට

by Staff writer 30-12-2019 | 5:28 PM

COLOMBO (News 1st) - හාලිඇළ, බදුලුඔයේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, 12 හැවිරිදි සහ 13 හැවිරිදි දැරියන් දෙදෙනෙකු එළෙස මිය ගොස් ඇති බවයි. එම දැරියන් දෙදෙනා අද පස්වරුවේ මෙම අනතුරට මුහුණ පා ඇත. මෘත ශරීර බදුල්ල රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය පැවසීය.