පුද්ගල තොරතුරු ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනපතිගේ අවධානය

by Staff writer 30-12-2019 | 5:12 PM

COLOMBO (News 1st) - පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කරනු ඇති. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේ පැවැත්විය. එහිදී ජනාධිපතිතුමා පෙන්වාදී ඇත්තේ, පුද්ගල තොරතුරු එකම ජාතික මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමෙන් කාලය, ශ්‍රමය සහ මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවයි. ඊට අමතරව ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට එමගින් හැකියාව පවතින බව ද ජනාධිපතිතුමා පෙන්වා දුනි. ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා ඇත්තේ, එමගින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණයවීම වළක්වාගත හැකි බවයි.