දෙහිවල සත්ව උද්‍යානයට සත්ත්ව රෝහලක්

දෙහිවල සත්ව උද්‍යානයට සත්ත්ව රෝහලක්

by Staff writer 30-12-2019 | 8:14 AM

COLOMBO ( News 1st ) - සත්ත්ව උද්‍යාන සතුන් සඳහාම විශේෂිත සියලු පහසුකම්වලින් සමන්විත රෝහලක් දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ ඉදිකර තිබේ.

ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂ මහතා සඳහන් කළේ , මහල් 2කින් යුත් එම රෝහල ඉදිරියේදී විවෘත කිරීමට නියමිත බවයි. දරුණු ආබාධවලට ලක් වූ සතුන් රෝහල තුළ රැගෙන යෑම සහ එසවීම සඳහා ''ග්‍රැන්ටිය'' නමින් හඳුන්වන විශේෂිත යන්ත්‍රයක් ද එහි ස්ථාපිත කර තිබේ. එය මෙරට ප්‍රථම ග්‍රැන්ටි යන්ත්‍රයයි. විවෘත කිරීමෙන් අනතුරුව රෝහල නැරඹීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇති.