ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 30-12-2019 | 8:06 AM
දේශීය පුවත් 1. රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම තාවකාලිකව අත්හිටුවයි : රක්ෂිත බන්ධනාගාරගතව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා ඔහු බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. 2. විශ්වවිද්‍යාල පාඨමාලාවලට බඳවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ නතර කෙරේ: විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා බඳවා ගැනීමේදී පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණ නතර කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබේ. 3.මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ වර්ග 12 ක හිඟයක් : මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 12 ක හිඟයක් තවදුරටත් පවතින බව වාර්තා වේ. 4.වැලි, පස්, බොරළු හා ගල් ප්‍රවාහනයට අදාළ නීති සංශෝධනයට පියවර :ඛනිජ සම්පත් ප්‍රවාහන බලපත්‍ර නීතිය සංශෝධනය කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබේ. 5.Z-Score ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් කිරීමට කැබිනට් පත්‍රිකාවක් :ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් කිරීමට කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. විදෙස් පුවත් 1.වසර 6 කට පසු නවදිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.9 කට බසී :අධික ශීත කාලගුණය හමුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට රතු නිවේදන නිකුත් කර තිබේ. ක්‍රීඩා පුවත් 1.එක් තරගයක් ඉතිරිව තිබියදීම නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට :නවසීලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ඊයේ ලකුණු 247 කින් ජය ගෙන තිබේ.