පී.එස්.එම් චාල්ස් උතුරේ ආණ්ඩුකාර ධුරයට

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම් චාල්ස් දිවුරුම් දෙයි

by Staff writer 30-12-2019 | 4:38 PM

COLOMBO (News 1st) - උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම් චාල්ස් මහත්මිය දිවුරුම් දී තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි. මීට පෙර ඇය ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ අතර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස ද පී.එස්.එම් චාල්ස් මහත්මිය කටයුතු කළා ය.