රිෂාඩ් බදියුදීන්ගෙන් CID යට ප්‍රකාශයක්

අප්‍රේල් 21 ප්‍රහාරය: රිෂාඩ්ගෙන් CIDයට ප්‍රකාශයක්

by Staff writer 30-12-2019 | 4:09 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අද පස්වරු 1.00 ට පමණ හිටපු අමාත්‍යවරයා පිටව ගිය බවයි.