ඩෙල්ෆ් දූපතට අනවසරයෙන් බෝට්ටුවක්

හොර පාරෙන් ඩෙල්ෆ් පැමිණි බෝට්ටුවක් ගැන විමර්ශන

by Staff writer 29-12-2019 | 12:02 PM

COLOMBO (News 1st) - යාපනය, ඩෙල්ෆ් දිවයිනට අනවසරයෙන් පැමිණි බෝට්ටුවක් පිළිබඳව නාවික හමුදාව විමර්ශන ආරම්භ කර තිබේ.

නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසුවේ, එම බෝට්ටුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඔවුන් මෙරට වැසියන් වුව ද නීති විරෝධිව මුහුදු මාර්ගයෙන් ඩෙල්ෆ් දුපතට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් අද දිනයේ මීට අදාළ විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව නාවික හමුදාව සඳහන් කළේ ය.