දැඩි ශීත කාලගුණය නිසා නවදිල්ලියට රතු නිවේදන

වසර 6 කට පසු නවදිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.9 කට බසී

by Staff writer 29-12-2019 | 7:29 AM

News 1st - අධික ශීත කාලගුණය හමුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට රතු නිවේදන නිකුත් කර තිබේ.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම තත්ත්වය ලබන ජනවාරි මස 3 වන දා තෙක් බලපැවැත්වෙනු ඇති බවයි. සෙල්සියස් අංශක 1.9 ක් ලෙස නවදිල්ලි නුවර උෂ්ණත්වය ඊයේ සටහන් විය. එය වසර හයකට පසු නවදිල්ලියෙන් වාර්තා වූ අවම උෂ්ණත්වයයි. අධික ශීතලත් සමග පවතින ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ගුවන් ගමන්වාර 500 ක් ප්‍රමාද කෙරුණි. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ. අධික ශීතලත් සමග නිකුත් කෙරුණු අනතුරු ඇඟවීම පන්ජාබ්, හර්යානා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලට ද බලපැවැත්වෙනු ඇති.