by Staff writer 29-12-2019 | 11:35 AM
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලර් මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් මෙරටට ලැබී ඇතැයි මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොළඹ බාලදක්ෂ මාවතේ අක්කර තුනක භූමියක මහල් 30 ක වාණිජ කුළුණක් ඉදිකිරීමට යෝජිතයි.
නිවාස ඒකක 700 කින් සමන්විත ව්‍යාපෘතියට, සිල්ලර සහ ආහාර වෙළෙඳ සැල් ද ඇතුළත් ය.
අදාළ ඉඩම එම සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 43 ක බදු කුලියකට ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඊට අදාළ ගිවිසුමට ඉදිරියේදී අත්සන් තබනු ඇති.
අදාළ යෝජනාවට පසුගිය දා කැබිනට් අනුමැතිය ද හිමිවිය.