by Staff writer 29-12-2019 | 1:36 PM
COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගතව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒම සඳහා විශේෂ නිලධාරී කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් තවත් එක් වාර්තාවක් ලබා ගැනීමෙන් පසු සේනාරත්න මහතා තම භාරයට ගන්නා බවයි.
හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි ඔහු ප්‍රතිකාර ලබමින් සිටින පෞද්ගලික රෝහලට මේ වන විට දැනුම් දී තිබේ.
ඒ අනුව බන්ධනාගාර නිලධාරී කණ්ඩායම ගිලන් රථයක් ද රැගෙන අදාළ රෝහල වෙත පැමිණ ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඊයේ පෙරවරුවේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින නරාහේන්පිට පෞද්ගලික රෝහලට පැමිණියා ය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය ඔහු ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණ පෙරේදා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.