by Staff writer 29-12-2019 | 5:39 PM
COLOMBO ( News 1st ) - නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සමග ට්‍රෝලර් යාත්‍රා 3ක් ද සිය භාරයට ගත් බවයි.
අත්අඩංගුවටගත් ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.
මුර සංචාරයක් අතරතුර ඩෙල්ෆ් දුපතට උතුරු දෙසින් වූ මුහුදේදී අත්අඩංගුවටගත් එම ධීවරයින් අවුරුදු 20ත් 70ත් අතර වයස්වල පසුවන්නන් වේ.
ඉදිරි නීතිමය කටයුතු සඳහා එම පිරිස යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාර දෙනු ඇති.
කෙසේ වෙතත් දිවයිනේ සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාව සිදු කරන මුර සංචාර හේතුවෙන් ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නියැලීම සාපේක්ෂව අඩු වී ඇති බව නාවික හමුදාව සඳහන් කළේ ය.