පිළිකා ඖෂධ 12 ක හිඟයක්

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ වර්ග 12 ක හිඟයක්

by Staff writer 29-12-2019 | 12:48 PM

COLOMBO (News 1st) - මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 12 ක හිඟයක් තවදුරටත් පවතින බව වාර්තා වේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සඳහන් කළේ, මේ වන විට අදාළ ඖෂධ වර්ග විදෙස් රටවලින් ඇණවුම් කර ඇති බවයි. ඒ අනුව ලබන මාසය වන විට පිළිකා රෝගීන්ගේ ඖෂධ ගැටලුව සම්පූර්ණයෙන් ම විසඳීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.