by Staff writer 29-12-2019 | 3:15 PM
COLOMBO ( News 1st ) - ජනාධිපති උපදේශකයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ බව කියන සැකකරුවෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු අතර ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සාමාජිකයෙකි.
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය.