ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 29-12-2019 | 6:21 AM

දේශීය පුවත්

1. සිසු සිසුවියෝ 181,126ක් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබති: මෙවර උසස් පෙළ විභාගයෙන් අයැදුම්කරුවන් 181,126 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි. 2. මග අනතුරු ඉහළ යාමට හේතු රැසක් විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි: මාර්ග අනතුරු ඉහළ යාමට බලපාන හේතු රැසක් පිළිබඳව විගණකාධිපති වාර්තාවකින් හෙළිව තිබේ. 3. සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක්: සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 4. DIG නුවන් වෙදසිංහ CID භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්කර තිබේ.

විදෙස් පුවත්

5. ශබ්දයේ වේගයට වඩා 20 ගුණයක වේගයකින් ඉලක්කය වෙත ගමන් කළ හැකි නවතම මිසයිල පද්ධතියක් රුසියාවෙන්: ශබ්දයේ වේගයට වඩා 20 ගුණයක වේගයකින් ඉලක්කය වෙත ගමන් කළ හැකි නවතම මිසයිල පද්ධතියක් සිය ආරක්ෂක සේවයට එක් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ.