හොර පාරෙන් ඩෙල්ෆ් පැමිණි බෝට්ටුවක් ගැන විමර්ශන

හොර පාරෙන් ඩෙල්ෆ් පැමිණි බෝට්ටුවක් ගැන විමර්ශන

හොර පාරෙන් ඩෙල්ෆ් පැමිණි බෝට්ටුවක් ගැන විමර්ශන

කර්තෘ Staff writer

29 Dec, 2019 | 12:02 pm

COLOMBO (News 1st) – යාපනය, ඩෙල්ෆ් දිවයිනට අනවසරයෙන් පැමිණි බෝට්ටුවක් පිළිබඳව නාවික හමුදාව විමර්ශන ආරම්භ කර තිබේ.

නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසුවේ, එම බෝට්ටුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන් මෙරට වැසියන් වුව ද නීති විරෝධිව මුහුදු මාර්ගයෙන් ඩෙල්ෆ් දුපතට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහු කියා සිටියේ, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් අද දිනයේ මීට අදාළ විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව නාවික හමුදාව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]