උසස් පෙළ විභාග සහතිකය පැය 48ක් ඇතුළත නිවසට

A/L විභාග සහතිකය පැය 48ක් තුළ ගෙන්වා ගැනීමේ හැකියාවක්

by Staff writer 28-12-2019 | 8:22 AM

COLOMBO ( News 1st ) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සහතිකය පැය 48ක් ඇතුළත නිවසට ගෙන්වා ගැනීම සඳහා අද සිට www.doenets.lk ඔස්සේ අයැදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් ක⁣ළේය.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි ය.