5 වසර ශිෂ්‍යත්ව සමතුන්ගේ ශිෂ්‍යාධාර Online හරහා

5 වසර ශිෂ්‍යත්ව සමතුන්ගේ ශිෂ්‍යාධාර Online හරහා

by Staff writer 28-12-2019 | 11:52 AM

COLOMBO ( News 1st ) - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ගේ ශිෂ්‍යාධාර ඔන්ලයින් (Online) ක්‍රමයට ලබාදීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලබා සිටින සියලු පාසල් සිසුන්ගේ සවිස්තරාත්මක දත්ත පද්ධතියක් ද සකස් කර තිබේ. එම දත්ත පද්ධතිය ඇසුරෙන් සෑම මසකම 10 වැනි දිනට එම සිසුන්ගේ බැංකු ගිණුම් වෙත ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මුදල් බැර වනු ඇති. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදීම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර, මේ වනවිට ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 20,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය. ශිෂ්‍යත්ව සමත් සියලු දරුවන්ට මාසිකව රුපියල් 750ක් මේ අනුව හිමිවනු ඇති.