by Staff writer 28-12-2019 | 12:27 PM
COLOMBO ( News 1st ) - හඟුරන්කෙත, අධිකාරීගම ප්‍රදේශයේ මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් හමුව තිබේ.
හඳුන් දිවියාගේ සිරුර ඊයේ රාත්‍රීයේ හමු වූයේ අධිකාරීගම, උඩවත්ත කුඹුර ප්‍රදේශයේ මාර්ගයක තිබියදී ය.
එය දුටු ප්‍රදේශවාසීන් ඒ සම්බන්දයෙන් පොලීසිය හා වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබේ.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, මින් පෙර මෙම හඳුන් දිවියා ප්‍රදේශයේ සැරිසරන අයුරු දුටු බවයි.
මින් පෙර ද අධිකාරීගම තේවතු ආශිතව හඳුන් දිවියන් නිරන්තරයෙන් සැරිසරන බව ද වාර්තා වේ.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, එය හඳුන් දිවියන්ගේ ජිවිතවලට දැඩි තර්ජනයක් වන බවයි.
රන්දෙනිගල වනජීවි නිලධාරීන් හා පොලීසිය එක්ව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි