සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක්

සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක්

by Staff writer 28-12-2019 | 6:10 PM
COLOMBO (News 1st) : සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට නිෂ්පාදිත සිමෙන්ති කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 1,005කි. සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර ශ්‍රී ලංකාවේ ඇසුරුම් කළ සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 950 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 930 කි. පරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා නිකුත් කළ එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම, වෙළඳාමට ඉදිරිපත් කිරීම හා ප්‍රදර්ශනය නොකළ යුතු බවයි.