මන්නාරමේදී කේරළ ගංජා තොගයක් වටලයි

මන්නාරමේදී කේරළ ගංජා තොගයක් වටලයි

by Staff writer 28-12-2019 | 4:28 PM
COLOMBO (News 1st) : මන්නාරම, කුඩිඉරිප්පු ප්‍රදේශයේ නාවික හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව කළ මෙහෙයුමකින් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී මේවා සොයාගත් බවයි. එහිදී සොයා ගෙන ඇති කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 10කි. සැකකරුවන් පලා ගොස් ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය මන්නාරම පොලීසියට භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.