by Staff writer 28-12-2019 | 4:11 PM
COLOMBO (News 1st): මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර සිටියදී පලාගිය වරෙන්තුරුවෙකු කටුගස්ගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු තිබේ.
රථ වාහන නඩුවක් යටතේ ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත මෙම පුද්ගලයා කටුගස්තොට පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී පසුගිය දා අත්අඩංගුවට ගැනිණ.
පොලීසිය පැවසුවේ, පසුගිය 22 වන දා ඔහු අධිකරණයට ඉදිරිපත් කර සිටියදී පලා ගිය බවයි.
ඊයේ රාත්රී අත්අඩංගුවට ගත් වරෙන්තුකරු යළි මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.