by Staff writer 28-12-2019 | 10:02 AM
COLOMBO ( News 1st ) - වැල්ලවත්ත ප්‍රදේශයේදී සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ නීති විරෝධී දුම්වැටි තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අධිකරණ කටයුතුවලින් මුදා ගැනීම සඳහා වැල්ලවත්ත පොලීසියේ නිලධාරීන්ට ලබාදීමට යැයි පවසමින් ඔවුන් එම මුදල් වංචාව සිදුකර ඇති බවයි.
සැකකරුවන් සන්තකයේ තිබී එලෙස වංචා කළ රු. 190,000 මුදලක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
නීති විරෝධී දුම්වැටි 1800 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු පෙරේදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලවත්ත පොලීසිය වෙත භාර දී තිබුණි.