'කරණ්දෙණිය සුද්දා'ගේ සමීපතමයෙකු STF දැලේ

'කරණ්දෙණිය සුද්දා'ගේ සමීපතමයෙකු කේරල ගංජා හා ගිනි අවියක් සමග STF දැලේ

by Staff writer 28-12-2019 | 1:15 PM
COLOMBO ( News 1st ) - කෑගල්ල, පිංදෙණිය, අටාල ප්‍රදේශයේදී කේරල ගංජා හා ගිනි අවියක් සමග අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, බන්ධනාගාරගතව සිටින පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන අපරාධකරුවෙකු වන කරණ්දෙණිය සුද්දාගේ සමීපතමයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු පිංදෙණිය ප්‍රදේශයේ පුද්ගලයින් බිය වද්දමින් කලක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවරමේ නිරතව සිට ඇතැයි ද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ය. සැකකරු සන්තකයේ තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 2ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සොයා ගෙන තිබේ.