RMV වේරහැර ශාඛාවේ සේවක පිරිසකගේ ජාවාරමක් හෙළිවෙයි

RMV වේරහැර සේවක පිරිසක් තැරැව්කරුවන් හා එක්ව කළ ජාවාරමක් හෙළිවෙයි

by Staff writer 27-12-2019 | 11:26 AM
COLOMBO (News 1st) : රියදුරු බලපත්‍ර සඳහා දියවැඩියාව ඇත්දැයි දැන ගැනීමට සිදුකරන පරීක්ෂණවලදී මුදල් වංචා කළ සැකකරුවන් පිරිසක් සොයා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ එම ජාවාරම්කරුවන්ට හසුවූ පුද්ගලයින් පිරිසක් කළ පැමිණිලිවලට අනුවයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෛද්‍ය අංශයේ සේවකයින් කිහිපදෙනෙකු හා තැරැව්කරුවන් කිහිපදෙනෙකු එක්ව මෙම ජාවාරම මෙහෙයවා ඇති බව අමාත්‍යංශය සඳහන් කළේ ය. ඒ අනුව රියැදුරු බලපත්‍ර අයදුම්කරන පුද්ගලයින්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු වුව ද එය වැඩි බව ප්‍රකාශ කරමින් සීනි මට්ටම අඩු බවට සහතිකයක් ලබා දීමට රුපියල් 2000 ත් 4000 ත් අතර මුදලක් ලබා ගෙන ඇති බව හෙළිව තිබේ. අමාත්‍යංශය පැවසුවේ දියවැඩියාව පවතින පුද්ගලයින්ගෙන් ද එලෙස වෛද්‍ය වර්තා වෙනස් කර නිකුත් කිරීමට සැකකරුවන් කටයුතු කර ඇති බවයි. පසුගිය කාලයේ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙවනි තත්ත්වයක් උද්ගතව ඇති බව ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.