රාජිත සේනාරත්න රිමාන්ඩ්

හිටපු ඇමති රාජිත ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 27-12-2019 | 5:07 PM

COLOMBO ( News 1st ) - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. අද පස්වරු 2.10ට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවටගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මියට දැනුම් දුන්නේ ය. රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරියහොත් පරීක්ෂණවලට බාධාවක් විය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තු නිකුත් කළේ ය.