by Staff writer 27-12-2019 | 2:42 PM
COLOMBO ( News 1st ) - Update 4.35 pm - කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණියා ය.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ය.
අද පස්වරු 2.10 ට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවටගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මියට දැනුම් දුන්නේ ය.
රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරියහොත් පරීක්ෂණවලට බාධාවක් විය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තු නිකුත් කළේ ය.
ඒ, අනුව අත්අඩංගුවටගත් රාජිත සේනාරත්න මහතාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය මේ වනවිට අදාළ පෞද්ගලික රෝහල වෙත පැමිණ සිටී.
---------------------------------------------------------------------
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ ය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රාජිත සේනාරත්න මහතාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට අදාළ පෞද්ගලික රෝහල වෙත යෑමට නියමිතව ය.