සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට ආ දෙදෙනා රිමාන්ඩ්

රාජිත සමග සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට ආ දෙදෙනා යළි රිමාන්ඩ්

by Staff writer 27-12-2019 | 1:27 PM
COLOMBO (News 1st) : සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධි සම්බන්ධව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළ පුද්ගලයින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ලබන මස 6 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ, අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.