සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට නව ලේකම්වරියක්

භද්‍රානි ජයවර්ධන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස පත් කෙරේ

by Staff writer 27-12-2019 | 5:38 PM

COLOMBO ( News 1st ) - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන භද්‍රානි ජයවර්ධන මහත්මිය ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබ තිබේ.

ඇය ලබන පළමු වනදා නව ධූරයේ වැඩ භාරගැනීමට නියමිත ය. රජයේ උසස් තනතුරු ගණනාවක්ම හොබවා ඇති ඇය අවසන්වරට ඇය කොළඹ නාගරික කොමසාරිස් ධූරය හෙබවූයේ ය.