උසස් පෙළ විභාග ප්‍රතිඵල අද නිකුත් කෙරේ

උසස් පෙළ විභාග ප්‍රතිඵල අද නිකුත් කෙරේ

by Staff writer 27-12-2019 | 6:07 AM
COLOMBO (News 1st) : 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, අද පස්වරුව වනවිට ප්‍රතිඵල අන්තර් ජාලයට නිකුත් කරනු ඇති බවයි. පසුගිය අගෝස්තු මත පැවති 2019 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් හත්දාස් හත්සිය හතරකි.