හිටපු ඇමති රාජිත මෝසම ඉවත් කර ගනී

හිටපු ඇමති රාජිත මෝසම ඉවත් කර ගනී

by Staff writer 26-12-2019 | 3:34 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ මෝසම අද පස්වරුවේ ඉවත් කර ගත්තේ ය. ඔහු මෙම මෝසම අද පෙරවරුවේ ගොනු කළේ, තමා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලමිනි. සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වන දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ ය.