වසර 10 කට පසු ලංකාවට වලයාකාර සූර්යග්‍රහණයක්

වසර ගණනකට පසු ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි වූ වලයාකාර සූර්යග්‍රහණය

by Staff writer 26-12-2019 | 1:08 PM

COLOMBO (News 1st) - වසර 10 කට පසුව විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් දැකගැනීමට ලංකාවාසීන්ට අද අවස්ථාව උදා විය.

සූර්යයා හා පෘථිවිය මධ්‍යයට චන්ද්‍රයා පැමිණීමත් සුර්යා මුවාවීම සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වයි. කොළඹ විශ්වවිද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය හා තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා සඳහන් කළේ, අද පෙරවරු 8.10 සිට පෙරවරු 11.25 දක්වා කාලය තුළ එම වලයාකාර සූර්යග්‍රහණය දැක ගත හැකි වූ බවයි. මෙම සූර්යග්‍රහණයේ උච්චතම අවස්ථාව පෙරවරු 09.37 ට දිස් වූ අතර එය විනාඩි 4 කට ආසන්න කාලයක් පැවතුණි. මෙම වලයාකාර සූර්යග්‍රහණය සම්පුර්ණයෙන් මන්නාරමට ඉහළ ප්‍රදේශවලට දැක ගත හැකි වූ අතර එය දකුණු පළාතට දිස්වුනේ අර්ධ වලයාකාර සූර්යග්‍රහණයක් ලෙසයි.