by Staff writer 26-12-2019 | 8:06 AM
News 1st - රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රදර්ශනාත්මක අයිස් හෝකී තරගයකට සහභාගී විය.
ඒ, රුසියාවේ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මහතා සමගයි.
රුසියාවේ මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා එරට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මහතා සමග මෙම ප්‍රදර්ශනාත්මක අයිස් හොකී තරගයට සහභාගී විය.
නත්තල් දිනයේදී පැවැති මෙම තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටීම විශේෂත්වයකි.
රුසියාවේ පැවැත්වෙන දේශීය රාත්‍රී අයිස් හෝකි තරගාවලියේ තව ත් එක් තරගයක් ලෙස මෙය පැවැත්විය.
රුසියාව තුළ අයිස් හොකී ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා 2011 වසරේදී ව්ලැද්මීර් පුටින් විසින් මෙම දේශීය රාත්‍රී අයිස් හෝකි තරගාවලිය හඳුන්වා දුන් බව සඳහන් වේ.
රුසියානු දේශපාලනඥයින් හා රුසියානු හොකි ක්‍රීඩකයින් රැසක් මෙම තරගයට සහභාගී විය.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, මෙම තරගාවලිය පුටින් විසින් සාම්ප්‍රදායිකව සෑම වර්ෂයකදීම පවත්වන බවයි.