පෑළියගොඩ, වත්තල සහ මාබෝලට ජල සැපයුම අත්හිටුවේ

පෑළියගොඩ, වත්තල සහ මාබෝලට ජල සැපයුම අත්හිටුවේ

by Staff writer 26-12-2019 | 4:28 PM
COLOMBO (News 1st) : ප්‍රධාන නළ මාර්ගයේ කාන්දුවක් හේතුවෙන් පෑළියගොඩ, වත්තල, මාබෝල නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් කැලණිය සහ වත්තල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටවා තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ නළ මාර්ගය පිළිසකර කර අවසන් වනතුරු ජලය ලබාදිය නොහැකි බවයි.