සහල් වෙළෙඳුන් 703 කට නඩු

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළදුන් පිළිබඳ දැනුම් දෙන්න - පාරිභෝගික කටයුතු අධිකාරිය

by Staff writer 26-12-2019 | 7:28 AM

COLOMBO (News 1st) - පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් පිළිබඳ දැනුම් දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, කූඨ වෙළෙඳුන් කිහිපදෙනෙකු සහල් අධික මිලකට අළෙවි කරන බවයි. මේ අතර පාලන මිල ඉක්මවා සහල් අළෙවි කළ වෙළෙඳුන් 703 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඒ, දිවයින පුරා කළ වැටලීම්වලදීය. එහිදී පරීක්ෂා කර ඇති වෙළෙඳසැල් ගණන 22,000 කට ආසන්නයි. පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දා දේශීය සම්බා සහ නාඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98.00 ක් ලෙස ගැසට් මගින් නිවේදනය කරනු ලැබුවේ ය.