වරෙන්තුව නැවත කැඳවන්නැයි රාජිතගෙන් මෝසමක්

නිකුත් කළ වරෙන්තුව නැවත කැඳවන්නැයි රාජිතගෙන් මෝසමක්

by Staff writer 26-12-2019 | 10:51 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ.

ඒ, තමා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලමිනි. සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළම අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කර තිබේ.