by Staff writer 26-12-2019 | 10:05 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ හදිසියේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
පෙර දැනුවත් කිරීමකින් තොරව ජනාධිපතිවරයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවට පැමිණෙන විටත් සේවා සපයා ගැනීමට විශාල ජනතාවක් එහි පැමිණ සිටියහ.
රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වෙත ප්‍රමාදයකින් තොරව නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් මසක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසත් මෙහිදි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/596479644463507/