ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-12-2019 | 6:26 AM

දේශීය පුවත්

1. CIDයෙන් රාජිතගේ නිවසට: ඊයේ දහවල් 1.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට පැමිණ තිබේ. 2. අර්තාපල් සඳහා පනවා තිබූ ආනයන බද්ද අද සිට පහතට: ආනයනික අර්තාපල් සඳහා පනවා තිබූ ආනයන බද්ද අද සිට රුපියල් 25 කින් පහළ දමා තිබේ. 3. බන්ධනාගාර රෝහලේදී 16 හැවිරිදි සිරකරුවෙකු මරුට: වසර 3ක සිර දඬුවම් නියම වූ 16 හැවිරිදි සිරකරුවෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. 4. උපයනවිට ගෙවීමේ බද්ද ලබන මස පළමු වැනි දා සිට ඉවත් කෙරේ: උපයනවිට ගෙවීමේ බද්ද ඉවත් කිරීමේ සහනය ලබන මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

විදෙස් පුවත්

5. ජම්මු – කාශ්මීරයේ අතුරුහමුදා සෙබළුන් ඉවත් කර ගන්නැයි ඉන්දීය රජයෙන් නියෝග: ජම්මු සහ කාශ්මීරයට යෙද වූ අතුරුහමුදා සෙබළුන් 7000 ක් ඉවත් කර ගන්නා ලෙස ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නියෝග කර තිබේ.