උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කෙරේ

උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කෙරේ

by Staff writer 26-12-2019 | 12:10 PM

COLOMBO (News 1st) - 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිව්ස්ෆස්ට් කළ විමසුමකදී විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා ඒ බව සඳහන් කළේ ය. පසුගිය අගෝස්තු මස 05 වැනි දා විභාගය ආරම්භ විණි. ඒ සඳහා පෙනි සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් හත්දාස් හත්සිය හතරකි.