හෙට 'ජාතික සුරක්ෂිත දිනය' ලෙස නම් කෙරේ

සුනාමියෙන් විපතට පත් වූවන් සිහිපත් කරමින් හෙට මිනිත්තු 2ක නිෂ්ශබ්දතාවයක්

by Staff writer 25-12-2019 | 9:44 PM

COLOMBO ( News 1st ) - 2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කෙරෙමින්, හෙ‍ට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පලි මහතා පැවසුවේ, හෙට දිනය ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කර ඇති බවයි. ඒ, අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් සිහිකර පෙරවරු 09.25 සිට 09.27 දක්වා මිනිත්තු 2ක නිෂ්ශබ්දතාවයක් පවත්වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සුනාමි ව්‍යසනය සිදුවී හෙටට වසර 15 ක කාලයක් ගතවන අතර මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් ප්‍රධාන ආගමික වැඩසටහන තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්මාරකය අසළදී සිදුකිරීමට නියමිත ය.