අසිරිමත් නත්තල අදයි

ලොවට සාමයේ පණිවුඩය ගෙනා අසිරිමත් නත්තල අදයි

by Staff writer 25-12-2019 | 7:09 AM

COLOMBO (News 1st) - ලෝකය ඒකාලෝක කරන විශ්වීය මංගල්‍යය හෙවත් නත්තල අද සැමරේ.

සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩය ලොවට ගෙන එන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද මහත් බැතියෙන් සමරති. බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙරනිමිති පහළ කරමිනි. ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ අපරිමිත මෙහෙවරකි. තමන්ට විමුක්ති මග දෙසු ඒ ශාස්තෲවරයාගේ උත්පත්තිය ලක්ෂ සංඛ්‍යාත කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් භක්තියෙනි.