by Staff writer 25-12-2019 | 9:59 PM
COLOMBO ( News 1st ) - වසර 3ක සිර දඬුවම් නියම වූ 16 හැවිරිදි සිරකරුවෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 16 හැවිරිදි අදාළ සිරකරු මීට මාස එකහමාරකට පමණ පෙර වසර 3ක් සඳහා බන්ධනාගාරගත කර ඇත්තේ, සොරකමක් සම්බන්ධයෙන් ය.
මානසික ආබාධයකට අදාළව අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ඇතුළත් කර තිබූ ඔහු යළි වැලිකඩ බන්ධනාගාරයට රැගෙනවිත් තිබූ බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේ ය.
පෙරේදා රාත්‍රී ඔහු රෝහල තුළදී ගෙල වැළලාගෙන මියගොස් ඇතැයි අප කළ විමසීමකදී බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළ හ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ඔහුගේ දේහය ඥාතීන්ට භාර දී ඇති බවයි.