දීපව්‍යාප්තව ප්‍රජා පොලිස් වැඩසටහනක්

පූර්ණකාලීනව පොලිස් නිලධාරීන් ප්‍රජා පොලිස්කරණ කටයුතුවලට අනුයුක්ත කෙරේ

by Staff writer 25-12-2019 | 1:51 PM

COLOMBO (News 1st) - “සුරකිමු ලංකා පොලිස් ආරක්‍ෂක කමිටු” වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය කොළඹ දිසාව තුළ ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (24) කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේදී පැවැත් පැවැත් විය.

ඒ, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. 'සුරක්‍ෂිත රටක්' වෙනුවෙන් ප්‍රජා පොලිස්කරණ වැඩසටහන වර්තමාන අවශ්‍යතාවයට සරිලන ආකාරයට නව්‍යකරණය හා ප්‍රතිව්‍යුහගතකරණය කර දීපව්‍යාප්තව මෙය දියත් කෙරේ. මෙහිදී ග්‍රාම නිලධාරී වසම් 77 ක් අනුකලාප 201 කට බෙදා පූර්ණකාලීනව පොලිස් නිලධාරීන් ප්‍රජා පොලිස්කරණ කටයුතු සඳහා අනුයුක්ත කිරීම සහ ප්‍රජා පොලිස් නිලධාරීන් 77 දෙනෙකු සඳහා පාපැදි ලබාදීම ද සිදු කෙරිණි. ඒ, අනුව ඊයේ සිට ක්‍රියාත්මකවන පරිදි එම පොලිස් නිලධාරීන් තමන්ට අයත් ප්‍රජා පොලිස් කලාපය තුළ පූර්ණ කාලීනව ප්‍රජා පොලිස්කරණ කටයුතුවල නියැලෙනු ඇත.