රජයේ නිල නිවාස මෙතෙක් භාර නොදුන් ඇමතිවරුන්ට දඩ

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

by Staff writer 25-12-2019 | 11:52 AM

COLOMBO (News 1st) - රජයේ නිල නිවාස මෙතෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ගෙන් දඩ කුලියක් අය කර ගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ වනවිට හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය නිල නිවාස ආපසු භාර දී ඇති බවයි. එහෙත් බහුතරයක් මෙතෙක් නිල නිවාස භාරදී නොමැති බව ඔහු සඳහන් කළේ ය. නිල නිවාස භාර දෙන ලෙසත් එසේ භාර නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවටත් දෙවැනි සිහි කැඳවීම් ලිපිය මේ වනවිට ඔවුන්ට යොමුකර ඇති බව ලේකම්වරයා පැවසුවේ ය. සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, හිටපු අමාත්‍යවරුන් ලබා ගත් නිල වාහනවලින් බහුතරය මේ වනවිට අමාත්‍යාංශයට භාරදී ඇති බවයි.