නව රියැදුරු බලපත්‍රයට වූ වංචාවක් සෙවීමට කොමිසමක්

නව රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමේ කොන්ත්‍රතාත්තුව ලබා දීමේදී ඇති වූ වංචාව සෙවීමට ස්වාධීන කොමිසමක්

by Staff writer 25-12-2019 | 4:11 PM

COLOMBO ( News 1st ) - මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නව රියැදුරු බලපත්‍රය නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රතාත්තුව ලබා දීමේදී සිදුව ඇතැයි කියන වංචාව සෙවීමට ස්වාධීන කොමිසමක් පත් කිරීමට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පවසන්නේ, නව රියැදුරු බලපත්‍රය මුද්‍රණය සඳහා වන පරිගණක පද්ධතියක් සහ තොරතුරු තාක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම පසුගිය කාලයේ දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික සමාගමකට ගිවිසුමක් මගින් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් අදාළ ගිවිසුම පරිදි කටයුතු නොකිරීම හේතුවෙන්, රජයට රුපියල් කෝටි 400කට අධික මුදලක් අහිමි වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. මේ සම්බන්දයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් අවස්ථා ගණනාවකදී කරුණු අනාවරණ කර ඇති බව පවසන අමාත්‍යංශය රටට පාඩු කළ මෙම සිද්ධියට සම්බන්ධ කිසිඳු අයෙකුට සමාව නොදෙන බවද පැවසුවේ ය.