ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 25-12-2019 | 6:26 AM

දේශීය පුවත්

1. මැගසින් බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ රැඳවියෙකු⁣ට වෙඩි : පළා යාමට උත්සාහ කළ රැඳවියෙකු⁣ට කොළඹ මැගසින් බන්ධනාගාරය තුළදී වෙඩි තබා තිබේ. 2. රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝගයක් : හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නියෝගයක් නිකුත් කර තිබේ. 3. ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනයට ටෙලිකොම් හා ලංවිම පිළිබඳව සෘණාත්මක දැක්මක් : ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් ටෙලිකොම් සහ ලංකා විදුලිබල මණ්ඩලය පිළිබඳ සිය දැක්ම සෘණාත්මක දැක්මක් ලෙස සංශෝධනය කර තිබේ. ‍ 4. පාඨලීගේ රියැදුරු දිලුම්ගේ බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් : හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරෙකු වන දිලුම් තුසිත කුමාර මහතාගේ බිරිඳ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා ය. 5. හිටපු අමාත්‍ය පාඨලී චම්පික ඇප මත මුදා හැරේ : හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදාහැර තිබේ.

විදෙස් පුවත්

6. NRC ක්‍රියාත්මක කිරීමට අදාළව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති හා අගමැති මෝදිගේ අදහස් පරස්පරයි – බටහිර බෙංගාල මහ ඇමති : එන්.ආර්.සී හෙවත් ජාතික පුරවැසි නාමලේඛනය ක්‍රියාත්මක කිරීමේ සිද්ධියට අදාළව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමීත් ෂා සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අදහස් පරස්පර බව බටහිර බෙංගාල මහ ඇමති මම්තා බැනර්ජි මහත්මිය පවසයි.