උපයනවිට ගෙවීමේ බද්ද ලබන 01 වැනිදා සිට ඉවතට

උපයනවිට ගෙවීමේ බද්ද ලබන මස පළමු වැනි දා සිට ඉවත් කෙරේ

by Staff writer 25-12-2019 | 10:17 AM

COLOMBO (News 1st) - උපයනවිට ගෙවීමේ බද්ද ඉවත් කිරීමේ සහනය ලබන මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, ජනතාවට ලබාදුන් සහන පැකේජයට අනුව උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු සෘජු බදු සහන ලබන මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක බවයි. ඒ අනුව මසකට රුපියල් 250,000 දක්වා ආදායම් උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් වන අතර 250,000 කට වඩා වැඩි ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවීමට යටත් වේ. මේ අතර වැට් බද්ද ඇතුළු වක්‍රබදු අඩු කිරීමේ සහනය පසුගිය පළමු වැනි දා සිට ක්‍රියාත්මක බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.