by Staff writer 25-12-2019 | 9:50 PM
COLOMBO ( News 1st ) - ආනයනික අර්තාපල් සඳහා පනවා තිබූ ආනයන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 25 කින් පහළ දමා තිබේ.
මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ, මීට පෙර ආනයන බද්ද රුපියල් 50ක් ලෙස පැවති බවයි.
දේශීය වෙළෙදපොලේ එළවළු මිල ගණන් ඉහළ යාම සහ දේශීය අර්තාපල් පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවීම හමුවේ මෙම පියවර ගත් බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.